banner

Login Form

Please wait while JT SlideShow is loading images...
Find Us On Facebook
කුමක්ද මේ හැපි ග්‍රීන්ස් කියන්නේ? PDF Print E-mail
Written by asapuwa   
Monday, 20 September 2010 16:21

ඔව්, බොහෝ කලක් මුලුල්ලේ අපි කල්පනා කළා, ඉතාමත්ම සෝභාසම්පන්න, ඉතාමත්ම සාරවත් මේ පුන්චි ධර්මද්වීපය මුළුමනින්ම වෙනස්වෙලා.සාරවත් ගොවිබිම් මුඩුබිම් වෙලා. ප්‍රණීත පළතුරු අතුරුදහන්වෙලා. එළවළු භෝගවල දේශීය බීජ අහිමි වෙලා. පාරම්පරික ධාන්‍ය අහිමි වෙලා. දේශීය අලවර්ගවල නමවත් දන්නෙ නෑ.


පස නිසරුවෙලා. භූගත ජලයට වස මිශ්‍ර වෙලා. දහස්ගණනින් වකුගඩු රෝගීන් බිහිවෙලා. විකෘති සහ නිසරු ආහාරවලට ඇබ්බැහිවීම නිසා ශරීර ශක්තිය හීන වෙලා. හැම දෙයක්ම අහිමිවෙමින් යනවා.


ඒ අතරේ යුද්දයකට මැදිවෙලා. ටිකෙන් ටික හැමදෙම නැතිවෙමින් යනවා. යහපත් දේ පවා සමච්චලයට ලක්වෙනවා. අසත්පුරුෂයන් ජය කෙහෙලි නංවනවා. ලක්මවගේ දරුවන් කෙමෙන් කෙමෙන් බිඳ වැටෙනවා. ඔය අතරේ ලෝක ආහාර අර්බුදයක බියකරු සෙවනැලි හත්පස දිස්වෙනවා. මෙයට ගොදුරු වන්නෙත් අපි නේද? මෙයින් බෙරෙන්නට මගක් නැතිද? ඒ ගැන කල්පනාකොට එයට විසඳුමක් වශයෙන් තමයි "හැපි ග්‍රීන්ස්" බිහි වුනේ.






Last Updated on Thursday, 20 January 2011 15:16