banner

Login Form

Please wait while JT SlideShow is loading images...
Find Us On Facebook
පාරම්පරික කෘෂි දැනුම හා හෙල උරුමය PDF Print E-mail
Written by asapuwa   
Thursday, 07 April 2011 12:07

පාරම්පරික  කෘෂි  දැනුම  හා  හෙල උරුම‍ය


   

පුරාණ  ලංකාව අහාරපාන ආදි‍යෙන්  ස්ව‍යංපෝෂිතව  තිබුණු අතර  සිංහල  ගොවි‍යා  තුල  ගොවිතැන  පිලිබඳ  මනා  දැනීමක්  හා අත්දැකීම්  සම්භාර‍යක්  තිබිණි.

මෙකල  මෙන්ම එකලද  ‍යල  හා  මහ  ‍යනුවෙන්  මූලික  වගා  කන්න  දෙකක්  සංවිධාන‍ය  වී  තිබුණු අතර එහි  පදනම  වූ‍යේ  වර්ෂාපතන‍ය‍යි.  වැසි  කාල‍ය ආරම්භ‍යේ  වගා  කට‍යුතු ආරම්භ  කල අතර ඔවුන් එක්  ‍යා‍යක  වගා  කිරීම ඇරඹි‍යේ එකම  කාල  වකවානුවක්දී‍ය. එම  හේතුව  නිසා  වගා  හානි,  කෘමි  හා  පළිබෝධ උවදුරු, වල්  පැල  හා  වෙනත්  හානි අවම  වි‍ය.




එකල  ගොවිතන්  කට‍යුතු  වලදී  රසා‍යනික  දෑ  භාවිත‍යක්  නොතිබිනි.රසා‍යනික  පොහොර  වෙනුවට  පිදුරු, දහ‍යි‍යා අලු,  වෙල්  කදුරු  කොල  හා  ගෙරි ඇට  පොහොර  (ගව  කටු  පොහොර)  ‍යන  කාබනික  පොහොර  පමණක්  ‍යෙදූහ. කුඹුරේ  පොස්ෆේට් අවශ්‍ය්තාව‍ය ඔවුන්  සපුරාගෙන  තිබුණේ අපූරු ආකාර‍යකට‍ය.  කුඹුරේ  නි‍යරවල්  දෙකක්  මුනගැසෙන  තැන  මි  ගසක්  සිටුවීමෙන් එම  මි  ගෙඩි  කෑමට එන  වවුලන්ගේ  මළපහ  ලි‍යැද්දට  වැටීමට  සැලැස්වීම එම උපක්‍රම‍ය‍යි. එම  මළපහ  පොස්ෆේට්  බහුල  පොහොරක්  බව ඔවුන්  දැන  සිටි‍යහ.

වර්ෂා  කාල‍ය අතීත‍යේ  මිනිසුන්  හැදින්වු‍යේ  "වප්  පදම්"  නමිනි. අහස  ගුගුරුවමින්  විදුලි  කොටන  කාල‍යට  වි‍යළි  කලාප‍යේ  ගොවි‍යා  වැසි  ජල‍ය  ලි‍යදි  වලට එක්  රැස්  කර  තබා  ගන්න  සූදානම්  වූ‍යේ  ප්‍රථම‍යෙන්  වසින අක්  වැස්සේ අධික  ලෙස  න‍යිට්‍රජන් අඩංගු  වූ  හෙ‍යිනි. එම අක්  ජල‍යෙන්  ගොවිතැන්  කිරීමෙන්  සරුසාර අස්වැන්නක්    ලබාගත හැකිබව ඔවුන්  දැන  සිටි‍යහ.


                


ගොවීන්  කුඹුරේ  මා‍යිම්  වේලි  වල  වල්  කදුරු ආදී  ගොවිතැනට  පොහොර  කළහැකි  කොළ  ලබා  ගත  හැකි  ගස්  වර්ග  සිටවූහ. එමෙන්ම  කුඹුරේ  පොල්පිති  හෝ  කරු  සහිත  ලී  සිටුවන  ලදී. එ‍යින් ඔවුන් අදහස්  කළේ  කුරුල්ලන්ට  ලගුම්  ස්ථන අති  කිරීම‍යි.    කුරුල්ලන් ලැගුම්  ගත්  විට ඔවුන්  කුඹුරේ අති  විනාශකාරි  සතුන් අහාර‍යට  ගන්නා  බව  ගොවීන්  දැන  සිටි‍යහ.  රෑ  කාල‍යේ    කුඹුරට  පැමිනෙන  විනශකාරී  සතුන්  වන ඌරා, ඉත්තෑවා,  හාවා,  මී‍යා,  මීමින්නා  වැනි  සතුන්  පලවා  හැරීම  සදහා  කුඹුරේ  වක්කඩේ  වතුර  බසින  ස්ථාන‍යට    ජල  හඬන‍ය(දි‍ය  හොල්මන)  සවි  කරන  ලදී.    මේ  නිස  රෑ  කාල‍යට  පමිණෙන  සතුන්   එම  ශබ්ද‍යට  බි‍යේ    පමිණීම අඩුවි‍ය.

වී  වගාව  පමනක්  නොව එළවළු  ,පළතුරු, අල  බෝග ආදි‍යද ඔවුන්  විසින්  වගාකරන  ලදී. ඒවා‍යින්  ප්‍ර‍යෝජන  ලබමින්  බොහෝ  විට ඔවුන් උදෑසන ආහර  ලෙස  ගත්තේද  කොළ  කැද  හා අල  වර්ග‍යකි.(කැද  හ  බතල)  මෙ‍යින්  ශරීර‍යට  ශක්ති‍ය  හා  පෝෂණ‍ය  ලැබිනි.

එළවලු  වගා  කළ  කොරටුව  වටා ඔවුන් අඩි  දහ‍යක්  පමණ උසට  පොල් අතු  වලින්  හෝ  වෙනත්  දෙ‍යකින් ආවරණ‍ය  කරන  ලදී.  මෙ‍යින් අදහස්  කළේ  කෘමි  සතුන්  වගාවට ඒම  වැළක්වීම‍යි.  කෘමීන්  තමන් එන  මාර්ග‍යේම  හැර  වෙනත්  මාර්ග  වලින්  වගාවන් අති  ප්‍රදේශ  වලට  ‍යාමට උත්සාහ  නොකරන  බව  පරීක්ෂණ  වලින්  පෙන්වා  දී ඇත. එමෙන්ම  සතුන්  බි‍යපත්  කිරීම    සඳහා  පඹ‍යන්  බැඳීම  හා  ටකපෝරු  බැඳීමද ඔවුන්  විසින්  සිදුකරන  ලදී.

අතීත‍යේ  ගො‍යම්  ගස අඩි  4.5  ක්  පමණ උස  වූ  නිසා  ගො‍යම්  මැස්සන් ආදී  සතුන්ගේ උවදුරු   අවම  වූ‍යේ  සුළඟට  ගස  සෙලවෙන  නිසා ඔවුන්ට  ගසේ  රැදී  සිටීමට  නොහැකි  වූ  නිස‍යි.  ගො‍යම  පැසීගෙන එනවිට  පහන් උගුල් ඇටවීමද  පළිබෝධ උවදුරු  පාලන‍ය  සදහා  සිදුකරන  ලදි. එමෙන්ම  කුඹුරේ  ශාක  තෙල්  වර්ග  ,  දුම්මල ආදි‍ය  පිලිස්සිම  මගින්ද  කෘමි  සතුන්  පළවා  හැරිම  සිදු  කර‍යි. එ‍යට අමතරව  කෙම්  ක්‍රමද   හාවිත  කරන  ලදී.
පළිබෝධක‍යන්  ‍යම්  වගාවක  සිටීනම් ඔවුන්  පලවා  හැරීම  හෝ  විනාශ  කිරීම  සදහා  ගොවීන්    භාවිතා  කරන  ලද්දේ  දැව අලු,  කොහොඹ  තෙල්,  කොල  වර්ග,  දුම්  කොල  තැම්බූ  වතුර ආදි‍ය‍යි.  මෙ‍යින්  පරිසර‍යටද  හානි‍යක්  නොවී‍ය.  වල්  පැළ  මර්දන‍ය  සඳහා අපේ  පැරැන්නන්  කුඹුරේ  ජල‍ය  බැඳීම  සිදු  කලහ. අතින්  වල්  පැල උදුරා  දැමීම  ගෙවිලි‍යන් අතින්  සිදුවි‍ය.

අතීත‍යේ  රසා‍යනික  දෑ  භාවිතා  නොකල  හෙ‍යින්  කුඹුරේ ඇළ  වේලි  හා  වැව්  වලින්  මිරිදි‍ය  මාලු  ලබාගත  හැකිවි‍ය. එමෙන්ම  කුඹුරේ  වැවෙන  පලා  වර්ග ආහාර‍යට  ගත් අතර  කුඹුරේ  වේලි  වල  වල්  පැළෑටි  වැවීම  වැලැක්වීම  සදහා    බණ්ඩක්කා,  මෑ  වැනිබෝග  වගා  කරන  ලදී. එ‍යින්    දිනපතා  කුඹුර  ගැන අවධන‍ය  ‍යොමුවීම  මෙන්ම   අමතර අස්වැන්නක්    ලබාගැනීමටද  හැකි  වි‍ය.

මෙම  ගොවිතැන්  කට‍යුතු ආගම  දහම  හා  සංස්කෘති‍ය  සමඟ  බැඳී  පැවතුනි.  ගො‍යම  පීදුනු  පසු ආරක්ෂා  කර  දෙන  ලෙසත් අස්වැන්න  වැඩිකර  දෙන  ලෙසත්  දෙවි‍යන්ට  බාරහාර  වීම  සිරිත‍යි. අස්වනු  නෙළීම  සිදුවන්නේ  ද  නැකතකට අනුව‍යි. අස්වැන්න  නෙලාගත්  පසු  පන්සලට  හා    දෙවි‍යන්ට  පූජා  කිරීමද  දෙවොල්  මඩු,  ගම්මඩු ආදි‍ය  පැවැත්වීමද  සිදුවි‍ය.

ගොවිතැන්  කට‍යුතු  වලදී ඇතිවන  මහන්සි‍ය  මඟහරවා  ගැනීම  සඳහා  කවි  කීම  සිදුකල අතර එම  කවි  පසු  කලෙක  ගො‍යම්  කවි  නමින්  හැදින්වි‍ය.

අතීත‍යේ  පැවති  හෙළ  ගොවිතැන  පරිසර‍ය,  සංස්කෘති‍ය  හා  බැඳී  පැවති  ස්ව‍යංපෝෂිත අර්ථ  ක්‍රම‍යක්  ‍යන්න ඉහත  දැක්වූ  කරුණු  වලින්  මනාව  පැහැදිලි  වෙ‍යි


Last Updated on Friday, 26 August 2011 03:27