banner

Login Form

Please wait while JT SlideShow is loading images...
Find Us On Facebook
රස මිහිර
ආහාරයේ නියම රසය නියමාකාරයෙන් විඳින්න PDF Print E-mail
Written by asapuwa   
Wednesday, 19 January 2011 15:09

      "මිනිසා ජීවත් විය යුත්තේ ආහාර සඳහා නොව, ආහාර ලබා ගත යුත්තේ ජීවත් වීම සඳහා" යනුවෙන් කියමනක් අප අතර වේ. එනමුදු "ආහාරය" යන්න මිනිසාට නොසලකා හැරිය නොහැක්කේ මිනිසාගේ භෞතික යහ පැවැත්ම පහසු වීමටත් මානසික යහ පැවැත්ම ට වක්‍රාකාරයෙන්නුත් එය දැඩිව බලපානා බැවිනි.

      තවත් කෝණයකින් බැලුවහොත් ආහාර යනු ඕනෑම සංස්කෘතියක අනන්‍යතාව විදහාපාන පැතිකඩක් වේ. බෞද්ධ සංස්කෘතියට අයත් සිංහල ජනයාට ඔවුනටම ආවේනික වූ ආහාර වර්ග රැසකි. ආවේනික ආහාර වට්ටෝරු සහිත සංස්කෘතිමය හර පධ්‍යතියක්, සංස්කෘතික උත්සවන් රැසක්, සාහිත්‍යයක් අප සතු වේ. මේ අන්දමින් බලන කල ආහාරය යනු ශරීර ක්‍රියාකාරිත්වයට දායක වන පෝෂකාංග සපයා දෙන මූලික අංගය වශයෙන් පමණක් සලකා බැහැර කිරීම නිවැරදි නොවේ.

      වර්තමානයේ "ආහාරය"  යන්න පාදක කරගනිමින් පැන නැගී ඇති ගැටලු රාශියකට අප සමාජය මුහුණ දෙයි. ඉහල යන ජන ගහනය හමුවේ ඇති ආහාර හිඟය, ක්ෂනික ආහාර සමග ඇතිවී තිබෙන ලෙඩ රෝග, අවිදිමත් ආහාර පුරුදු ආදිය ඒ අතර වෙයි.

      අතීතයේ "ආහාරය" යන්න පවුලේ සාමාජිකයින් එකිනෙකා එකිනෙකා කෙරෙහි බැඳ ත්බන මූලික සාධකයක්ව පැවතුණි. දිනයේ කුමන හෝ වේලාවක පවුලේ සියලුම සාමාජිකයින් එකිනෙකා හමුවන්නේ ආහාරය ලබා ගැනීමේ මූලික අවශ්‍යතාවය සපුරා ගැනීම උදෙසාය. එය අවසානයේ කෙළවර වූයේ කුසට ආහාරයක් වැටීමෙන් පමණක් නොව, මනසටද හරවත් යමක් ඒකරාශී වීමෙනි. එකිනෙකා අතර සුහදත්වය වඩාත් වර්ධනය වීමෙනි. පවුලේ මව විසින් ස්වකැමැත්තෙන් සකසා දෙන රසවත් සමබල ආහාර වේල, පවුලේ සියල්ලන් රස විඳින්නේ ප්‍රීතියෙනි.

      නමුත් වත්මන් සමාජයේ මේ පැවැත්ම කණපිට පෙරලී තිබෙන්නේ සමාජීය ගටලු රාශියක් අප හමුවේ ඉතිරි කරමින්ය. දිනකට හිමි වී ඇති පැය 24 තුල සපුරා ගැනීමට, කප්පරක් තරම් වූ ඵලදායී නොවන ඉලක්කයන් රාශියක් එකතු කර ගන්නා මිනිසා අනිත් සියලුම අවශ්‍යතා පසෙක ලා ඒවා ඉටුකරගැනීමට නොනවතින අරඟලයක යෙදෙයි.

      "ක්ෂනික ආහාර" සංකල්පය, වත්මන් මිනිසා විසින් සලකන්නේ ඔවුන් අසීමිත වැඩ ප්‍රමාණය ඉටු කරගැනීමට දෙවියන් දුන් තෑග්ගක් වශයෙනි. එහෙත් එම තෑග්ගේ අනිටු ප්‍රතිඵල අත්විඳීමට දැන් අපට සිදුවී තිබෙන්නේ රටක අනාගත පරපුරම බිලි දීමෙනි. අතීතයේ අපට හිමිව තිබූ සමබල පෝෂ්‍යදායී ආහාර වේලේ ප්‍රතිඵලයක් ලෙස අපේ දරු පරපුර ශක්තිමත් හා නිරෝගීව වැඩුණි. නමුත් දැන් අපට හිමිව ඇත්තේ ලෙඩ රෝග බහුල පරපුරකි.

      සිංහල ජාතිය වූ කලි, ආහාරයේ නියම රසය නියමාකාරයෙන් විඳි ජාතියකි. එම රසය හා නැවත මුසු වීමට මෙයින් ඇරඹෙන ලිපි පෙල සමඟ එකතුවන්න.